ඇත්තවශයෙන්ම අප හැම දන්නා පරිදි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල උසස් අධ්‍යනය
ඉතාමත් තරඟකාරී ස්භාවයක් දරනවා. සෑම වසරකම සිසුන් 125,000 ක් පමණ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට පරිබාහිරව
විකල්ප අධ්‍යාපන ආයතන කරා යොමු වෙනවා. උසස් ඩිප්ලෝමා පාඨමාලා (HD) , ජාතික ඩිප්ලෝමා
පාඨමාලා (ND) හා පුද්ගලික විශ්ව විද්‍යාල මෙහිදී තෝරා ගැනීම් ලෙස ගත
හැකි සුලභ උදාහරණයයි.
නමුත්
බහුතරයකට අවබෝධයක් නැති අනෙක් වැදගත් විකල්පයක් වන්නේ ජාකික වෘත්තීය පුහුණු සහතික
(NVQ) ලබා ගැනීමේ ක්රමවේදයයි. මෙහිදී NVQ මට්ටම් 1 සිට 7 දක්වා
ශ්‍රේණිගත කිරීමක් කර තිබෙනවා. මෙහිදී සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයෙන් ගිලිහී
ගිය ඕනෑම ශිෂ්‍යකුට තමාට ගැලපෙන පරිදි තම අධ්‍යාපනය සකස්කර ගැනීමට මාර්ගය විවෘතව
පවතිනවා. වැල්ඩින්කරුවන්, විදුලි කාරමිකයින්, පොත්
බදින්නන්, පරිගණක ශිල්පීන්, මෙසන්වරුන් ආදී සියළුම නිපුණතා ක්ෂේත්‍ර සඳහා මෙම ක්‍රමවේදය
විවෘතව පවතිනවා.
උසස් පෙළ යනු එක් ප්‍රමිතිගත කිරීමක්
පමණයි. ඊට විකල්ප බොහෝ ශ්‍රේණිගත කිරීම් පවතින බව ශිෂ්‍යයින් දැන ගත යුතුයි. උසස්
පෙළ හා සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ක්‍රමය කෙරෙහි පමණක් ශිෂ්‍ය ප්‍රජාව, ගුරුවරුන්
සේම දෙමාපියන්ද අධික ලෙස අවධානය යොමුකර සිටීම මිත්‍යාවක් යන මතය සමාජගත කිරීම
කාලීන අවශයතාවයක් වනවා.
බොහෝ සිසුන් විවිධ ක්ෂේත්‍ර කෙරෙහි
නිපුණයන් වුවත් අනවශ්‍ය ලෙස වෙනත් සිහින කෙරෙහි යොමුවීම නිසා විශාල ලෙස අවස්ථා හා
කාලය අහිමි කර ගෙන තිබෙනවා. දෙමාපියන්ට සිය දරුවා ඉංජිනේරුවකු හෝ වෛද්‍යවරයෙක යැයි
පැවසීම අභිමානයක් සේම තවත් ක්ෂේත්රයක පුහුණු වෘත්තිකයෙකු යැයි ඊට සමාන හැගීමක්
සහිතව පැවසිය හැකි ආකල්පමය වෙනසක් කෙරෙහි අප හැකි ඉක්මනින් යා යුතු වනවා.

